අපරාධ කල්ලි සාමාජිකයින් කිහිපයක්ම අත්අඩංගුවට ගත්මෙහෙයුම්..
අද (09) උදෑසන නවගමුව සමගි මාවත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදීමට තැත් කළ සැකකරුවන් සිව්දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පහරදීම සම්බන්ධයෙන් නවගමුව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම සැකරුවන් අත්අඩගංවට ගෙන ඇති අතර එහිදී කඩු 2ක්, මන්නා පිහි 4ක්, මෙරට නිෂ්පාදිත අත්බෝම්බ 2ක්, අපරාධ සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් ද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇති බවයි සදහන් වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21,29 සහ 41 වැනි වයස්වල පසුවන හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. මොවුන් පසුගිය මස 16 වනදා ද නවගමුව දැඩිගමුව ජය මාවත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති බවද අනාවරණය වී තිබේ.
මෙම පිරිස සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයින් වන අතර ඔවුන්ව විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ අදාළ ප්‍රධාන අපරාධකරුට මේ වනවිට ජාත්‍යාන්තර පොලීසිය මගින් රතු නිවේදන ද නිකුත් කර තිබෙන බවයි.
මෙවැනි අපරාධ සිදුකිරීමට එක් සැකකරුවෙකුගේ ගිණුමක් වෙත විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරු විසින් මුදල් බැර කර ඇති බවට ද පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් හෙට (10) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර
නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.