තුර්කියේ සහන කටයුතු සඳහා යන කණ්ඩායම සූදානමින්.
By Sithumi
එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම් පිළිබඳ පුහුණුව ලත් වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු හමුදා බලඇණියක් භූ කම්පනයෙන් බලපෑම් එල්ලවූ තුර්කියේ සහන කටයුතු සඳහා යොමුකිරීමට රජය තීරණය කර තිබෙනවා.
තුර්කියට මානුෂීය ආධාර ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයාගේ උපදෙස් මත පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළා.
රජයේ සහ පෞද්ගලික අංශයේ නිෂ්පාදන තුර්කියට යැවීමට ද නියමිත අතර අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හරහා එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වනවා.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ
සිරියාව සඳහා වූ මානුෂීය ආධාර ලෙබනනය හරහා ලබාදීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවූ බවයි