මද්දකට හසුවූ කදුකර කොටියාට සිදු වූ දේ...

By Sithumi Aug 07, 2022 03:20 PM GMT
Sithumi

Sithumi

Report

මන්දකට හසු වි ගසක් මත සිර වි සිටි කදුකර කොටියා ගස කපා කොටියා බේරා ගැනිමට උත්සහ කල අවස්තාවේ දිගු වේලාවක් කදුකර කොටියා ගසේ එල්ලි සිටි නිසා ජිවිතක්ෂයට පත් වු බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

හැටන් වනරාජා වතු යායට අයත් සමර්හිල් කොටසේ තේ වත්තේ සැරිසරන වල් ඌරන් සහ කදුකර කොටියන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් අටවා තිබු මන්දකට කදුකර කොටියා (06) දින රාත්‍රියේ හසු වි මන්ද ගලා ගැනිම සදහා කොටියා අසල පිහිටි යුකෙලෙප්ස්ටික් ගසක නැග සිටියදි කදුකර කොටියා බේරා ගැනිම සදහා වනජිවි නිලධාරින් ගස කපා කොටියා බිමට ගැනිමට උත්සහ කරන අවස්තාවේ බිමට වැටුණු කදුකර කොටියා එම ස්ථානයේම ජිවිතක්ෂයට පත් වු බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

මන්දට හසු වු කදුකර කොටියා මන්ද ගලවා ගැනිමට ගස මත විශාල උත්සහයක නිරත ව සිටි අවස්තාවේ මන්ද අටවා තිබු කම්බියෙන් උදරය කැපි විශාල ලෙස තුවාල සිදු වි තිබිම නිසා කදුකර කොටියා ජිවිතක්ෂයට පත් වි ඇති බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

මියගිය කදුකර කොටියා සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මිය ගිය කදුකර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යන බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේ.