මෙරටට විශේෂ නියෝජිතයන් පිරිසක් පැමිණේ.
Sri Lanka
Thailand
By Sithumi
තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩායමක් අද මෙරටට පැමිණ තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමට අදාළ 03 වන වටයේ සාකච්ඡා සඳහා මෙම පිරිස මෙරටට පැමිණ ඇති බවයි.
යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමට අදාළ 03 වන වටයේ සාකච්ඡා හෙට සහ අනිද්දා කොළඹදී පැවැත්වීමට නියමිතයි.
තායිලන්ත වෙළඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අවුරමන් සුත්තාවිතුම්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නියෝජිත කණ්ඩායම සාමාජිකයින් 26 දෙනෙකුගෙන් සමන්විත වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |