ශ්‍රිලනීපය ජන්දයට අලුත්ම විදියකින් එයි..

Srilanka Freedom Party Sri Lanka
By Sithumi Jan 08, 2023 12:09 PM GMT
Sithumi

Sithumi

Report

 නව ලකුණකින් නව සන්ධානයක් යටතේ එලඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.  

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේවනවිට සාර්ථක වී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සඳහන් කළේ.  

කෙසේවෙතත් මේවනවිට ඇතැම් පළාත් පාලන නියෝජිතයින් පළාත් පාලන ආයතනවල සම්පත් සහ සේවකයින් යොදා ගනිමින් දේශපාලන කටයුතු සිදුකරමින් ඇති බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සඳහන්.  

නව ලකුණකින් නව සන්ධානයක් යටතේ එලඹෙන පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරගවදින බවට නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගයෙන් පළමු වරට තොරතුරු අනාවරණ කළා. 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now