මෙරට සිදුවන වංචාවක් පිළිබදව හෙළිදරව්වක්..
මෙරට කිරුම් මිනුම් සඳහා භාවිත කරන බොහෝ තරාදි නිසි ප්‍රමිතියෙන් තොර බවට චෝදනා එල්ල වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
සෑම තරාදියක්ම වසරක් පාසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඇති කිරුම් මිනුම් අංශයේ ලියාපදිංචි කළ යුතු වුවද මෙරට භාවිතා කරන බොහෝ තරාදි එසේ ලියාපදිංචි නොකළ ඒවා බව හෙළි වී ඇතැයිද හෙතෙම කියා සිටියා.
ඒ ආකාරයෙන් තරාදි භාවිතා කරමින් වෙළඳුන් සිදුකරන වංචා නැවතීම සඳහා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව සමඟ වහාම ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකසන ලෙස අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.
ගොවි ජනතාවගේ අස්වනු මිලදී ගැනීමේදී බොහෝ වෙළඳුන් බර කිරනු ලබන්නේ එල්ලන දුනු තරාදිවලින් බවත් එම තරාදි බහුතරයක් නිසි ප්‍රමිතියෙන් තොර ඒවා බවද පැවසූ ඇමතිවරයා එනිසා ගොවීන්ට ලැබිය යුතු ආදායමෙන් විශාල ප්‍රමාණයක් වංචනික ලෙස වෙළෙන්දන් ගසාකන බවද කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |