නිවසට පැමිණ දරුවාට සිංහල ඉගැන්වූ ගුරුවරයා දුරකථනයෙන් බිරිඳ සමඟ ප්‍රජනනය පාඩමක් කරලා - අවසානයේ වූ දේ

Sri Lanka
By Sithumi May 14, 2022 01:50 PM GMT
Sithumi

Sithumi

Report

දරුවාට සිංහල උපකාරක පන්තියක් පැවැත්වීම සඳහා නි​වසට පැමිණි ගුරුවරයෙකු ජංගම දුරකථනයෙන් බිරිඳ සමඟ අමුතු ආකාරයේ විද්‍යා පාඩමක් කිරීමට ගොස් දරුවාගේ පියාගෙන් බඩ කට පුරා ගුටි කෑ පුවතක් වාර්තාවේ. සිදුවීම මෙසේය.

ඔහු ප්‍රදේශයේ පාසලක සිංහල භාෂාව උගන්වන ගුරුවරයෙකි. අමතර ආදායමක් ලෙස නිවෙස් වලට ගොස් උපකාරක පන්ති පැවැත්වීම සිදුකළේ පවත්නා ආර්ථික අපහසුතාවන්ට අමතර ආදායමක් උපයා ගැනීමේ අරමුණිනි. ඉගැන්වීමට දක්ෂයකු වීම නිසා ප්‍රදේශයේ යමක් කමක් ඇති කීපදෙනකුම ඔහු තම නිවෙස්වලට ගෙන්වා තම දරුවන්ට සිංහල භාෂාව ඉගැන්වීම බාර කළේ ඔහුගේ ඉගැන්වීම් පිළිබඳ ඇති විශ්වාසය මතය.

සිංහල විෂයට තරමක් දුර්වල තම දරුවාටද නි​වසට පැමිණ උගන්වන ලෙස ප්‍රදේශයේ පුද්ගලයෙකු ඔහුගෙන් ඉල්ලා සිටියේය. සතිය පුරාවටම පන්ති කීපයක්ම පැවැත්වීම හේතුවෙන් තමන්ට කාලවේලාව කළමනාකරණය කර ගැනීමට අපහසුතාවක් ඇතැයි කී ගුරුවරයා දරුවාට ඉගැන්වීමට රාත්‍රී කාලය යොදාගත් අතර ඇතැම් දිනවලදී ගුරුවරයා දරුවාගේ නි​වසේම නවාතැන් ගත්තේ දරුවාගේ මව්පියන්ගේ අවසර මතයි. එවිට වැඩි වේලාවක් තම දරුවාට ඉගැන්වීම් කටයුතු කළ හැකි වීම නිසා ඒ පිළිබඳ දරුවාගේ මවුපියන් සිටියේ දැඩි කැමැත්තකිනි.

අය කරන මුදල පසෙක තබා ඇතැම් අවස්ථාවල මැදියම් රෑ දක්වාම දරුවාට සිංහල භාෂාව උගන්වන්නට තරම් ගුරුවරයා පරිත්‍යාගශීලී වූවේ දරුවාගේ මව්පියන්ගේ ද සිත් දිනා ගනිමිනි. මේ අතර ටික දිනකින් දරුවාගේ මව සමඟ අනියම් සබඳතාවක් ගොඩ නැගුනේ කාටත් රහසේය.

කෙසේවුත් පසුගිය දින වල ඇඳිරීනීති ක්‍රියාත්මක වූ බැවින් පංතිද තාවකාලිකව නැවතුණි. මේ අතර සිංහල භාෂාව ඉගැන්වීම පසෙක තැබූ හෙතෙම දරුවාගේ මව සමඟ විද්‍යා පාඩමක් ජංගම දුරකථයයෙන් කරද්දී සැමියාගේ අතටම අසුවී තිබිණ. එම අවස්ථාවේ කෝප වූ ඔහු දුරකථනයද පොලොවේ ගසා දමා නැවත ඔහු හමුවන තුරු සිටියේ හොඳ හැටි සංග්‍රහ කිරීමේ අරමුණිනි.