සිරි නිවාස හිමිගේ වාහනයට හිමකම් ඉල්ලා ගිහියෙක්ගෙන් පෙත්සමක්..

Anuradhapura Sri Lanka
By Sithumi Jan 09, 2023 03:39 PM GMT
Sithumi

Sithumi

Report

අනුරාධපුර අටමස්ථානධිපතිව සිට අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස හිමියන්  ජීවත්ව සිටියදී පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක නීත්‍යානූකූල අයිතිය තමන්ට පවරා ගැනීමට අයිතියක් ඇති බවට තීන්දු කරන  ලෙස  ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකු අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක්  සළකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත්  නදීකා ඞී පියරත්න මහත්මිය මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ තිදෙකුට සහ අටමස්ථාන කාරක සභාවට පෙබරවාරි මස 8 වන දින අධිකරණය හමුවේ පෙනීි සිටින ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කළා. 

  එමෙන්ම මෙම නඩුවට අදාළව විරෝධතා ඇත්නම් එදිනට හෝ එදිනට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසද දිසා විනිසුරුවරිය වගඋත්තරකරුවන්ට තවදුටරත් නියෝග කර තිබෙනවා.  

අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු වන අනුරාධපුර නිදහස් මාවත ඉසුරුපුර  පදිංචි  පේලිමුහන්දිරම් අප්පුහාමිලගේ   චන්දානන්ද යන අය නීතිඥ දසුනි කුමාරසිංහ මහත්මිය මගින් අනුරාධපුර දිසා අධිකරණයේ ගොනු කර ඇති මෙම පෙත්සෙමි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අනුරාධපුර  බෝමළුව පන්සල ලිපිනයේ  අනුරාධපුර  අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමි සහ කැකිරාවේ ඤාණසිරි හිමි සහ අනුරාධපුර පැරණි නගරය ථූපාරාම පන්සල ලිපිනයේ ථූපරාමාධිකාරි ඥාණින්ද හිමි සහ අටමස්ථාන කාරක සභාවයි.