සදගල සොරාගැනීමට විශේෂ කෙනෙක් අත්අඩංගුවට

By Sithumi Jan 12, 2023 02:52 PM GMT
Sithumi

Sithumi

Report

කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන සාලිය පෙරේරා හා තවත් පුද්ගලයෙකු අධිකරණයට භාරවීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි. කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ පිහිටි සඳගල නම් ප්‍රකට පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්මාරකය පසුගිය දෙසැම්බර් මස 14 වනදා රාත්‍රීයේ පිරිසක් පැහැරගෙන ගොස් තිබුණා ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දුෂාන්ත නම් අයෙක් කෑගල්ලේදී පළමුව අත්අඩංගුවට ගනු ලැබුවේ ඩිෆෙන්ඩර් රථයක් ද සමගින්.

සැකකරු අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථයෙන් කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයට ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබුණු අතර පසුව ප්‍රසාද් සංජීව නම් සැකකරුවකු ද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ආනාවරණ වී ඇත්තේ, කුණ්ඩසාලේ, මහවල නම් ප්‍රදේශයේ පිහිටි රොෂාන් කඳනගේ නම් පුද්ගලයෙකුගේ නිවසට සඳගල රැගෙන ගිය බවයි.

  එමෙන්ම කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන සාලිය පෙරේරා සඳගල පුරාවිද්‍යා රක්ෂිතයේ සිට කුණ්ඩසාලේ, මහවල ප්‍රදේශයට රැගෙන ආ ටිපර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා බවද පොලීසිය අනාවරණ කරගෙන තිබෙනවා.

කෙසේවෙතත් රොෂාන් කඳනගේ නම් පුද්ගලයා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සැඟව සිටි අතර ඔවුන් දෙදෙනා ඊයේ දිනයේදී තෙල්දෙණිය අධිකරණයට පැමිණ භාර වීමෙන් අනතුරුව සෙසු සැකකරුවන් දෙදෙනා ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අතර සැකකරුවන් සඳගල රැගෙන යාම සඳහා භාවිත කළ බූම් ට්‍රක් රථය, ටිපර් රථය හා සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන ඩිෆෙන්ඩර් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා. නමුත් මේ වන තෙක් සඳගල සොයා ගැනීමට හැකිවී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now