"කැම්පස් ඉවර වෙලා යන්න එන්න නිදාගන්න තැනක් තිබ්බෙ නෑ " ගාලුමුවදොර රැය පහන් කොට "මාගම් සෝලිය" බිහි කල හැටි

Report

තමා ජීවිතයේ අනේක විධ දුක් කම්කටොලු වලට මුහුණ දී ඇති බව මාධ්‍යවේදී මොහාන් රාජ් මඬවල මහතා පවසනවා. කොළඹ පැමිණි මුල් අවධියේදී බොහෝ දිනවල රැය පහන් කලේ ගාලුමුවදොර පිටියේදී බවයි ඔහු කියා සිටින්නේ.

ඔහු දැක් වූ අදහස් පහතින් "මං ගොඩක් දවස්වල රෑ හිටියේ ගෝල්ෆේස් එකේ.ඉඳහිට මහින්ද කුමාර දලුපොතගේ බෝඩිමේ හිටියා.ඒත් ඒවා ඔහුට අයිති දේවල් නෙවෙයිනේ.ඉතින් කැම්පස් ඉවර වෙලා මට ඒ දවස්වල යන්න තැනක් තිබ්බෙ නෑ "

ඔහු මේ අදහස් කියා සිටියේ නෙත් එෆ් එම් රේඩියෝවේ විකාශනය වන සජීවිත වැඩසටහනට සහභාගී වෙමින්. එම සම්පූර්ණ වැටසහන මේ සිකුරාදා (27) රාත්‍රී 7.30 ට විකාශනය වීමට නියමිතයි.