ඉන්දන විදුලිය මිළ තවත් ඉහළට..?

By Sithumi Dec 16, 2022 06:18 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්ධන, විදුලිය හා ප‍්‍රවාහන මත ලබා දී තිබූ වැට් බදු සහනය ඉවත් කිරීමත් සමගින් ඒ සියල්ලේ මිල යලි ඉහල යන බව සන්ධාන ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනය කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළා.  

ඒකාබද්ධ අගය මත පැනවූ බදු පනත සඳහා කතානායකවරයා විසින් අත්සන් තැබීමත් සමඟ මෙම බදු සහනය අවසන් වී මිල ඉහළ විට බව ඔහු පැවසුවා.

මෙම පනත අත්සන් කිරිමත් සමග ඉන්ධන මිල, විදුලිබිල සමග ප්‍රවාහන ගාස්තු ඉහළ යනු ඇතැයි ද ඔහු පැවසුවා.  

මෙම මිල ඉහළ යාම ආරම්භය අඩුම 15% කින් බවද ඔහු තවදුරටත් පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.