මේ පුද්ගලයාව ඔබත් හදුනනවාද..? පොලීසියෙන් සහය පතයි..
හබරාදූව පොලිස් ස්ථානයට වාර්තා වූ උණවටුන ප්‍රදේශයේ පිහිටි වෝටර් ගේට් හෝටලයේ රැඳී සිටි රුසියානු ජාතික කාන්තාවකගේ හා පුද්ගලයින් දෙදෙනකුගේ අමෙරිකානු ඩොලර් 16,100ක්, රුසියානු රූබල් 195,000ක් හා යුරෝ 200ක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.
සිද්ධියට සම්බන්ධ හෝටලයේ හිමිකරු ඇතුළු තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කර තිබෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ.
එලෙස අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය කරන තැනැත්තාගේ නම ලෙස දැක්වෙන්නේ වල්පිට ගමගේ චන්දන සමන් කුමාර නමැත්තෙකු වන අතර මෙම සැකකරු වයස අවුරුදු 40ක් පමණ වන ජාතික හැඳුනුම්පත් අංක 198230601773 දරණ තෙල්ලඹුර උතුර - නාකියාදෙණියේ පදිංචිකරුවෙක්.
කිසියම් තොරතුරක් වෙතොත් 076-8477810 යන උණවටුන පොලිස් සංචාරක ඒකකය වෙත දැනුම්දෙන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.