පොලිසිය තුළදී පිහි පහරින් පුද්ගලයෙකු මියයයි
By Sithumi
නවගමුව පොලිසියේ සුළු පැමිණිලි අංශය තුළදී පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී සිදුවූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයකු රෝහල් ගත කිරීමේ දී මියගිය බව නවගමුව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිතුල්ගල ප්‍රදේශයේ පදිංචිව සිටි ජයන්ත පෙරේරා නැමැති 42 හැවිරිදි පුද්ගලයෙකි. පැමිණිලිකාර කාන්තාවට හිරිහැර කිරීම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයා අද දින නවගමුව පොලිසියට කැඳවා සුළු පැමිණි පැමිණිලි අංශයේ සැරයන්වරයකු පැමිණිල්ල විභාග කරමින් සිටියදී එම කාන්තාව සමඟ පැමිණි ඇයගේ අනියම් ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය කියයි
පිහි ප්‍රහාරය ඔහුගේ පිට ප්‍රදේශයට එල්ල වී ඇති අතර බරපතළ තුවාල ලබා නවගමුව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. සැකකාර පුද්ගලයා පිහියත් සමග අත්අඩංගුවට ගෙන ඇත.