පළාත් පාලන මැතිවරණයට මුදල් නැහැ...?, ඡන්දය කල් දාන්නයි ඉල්ලීමක් පාර්ලිමේන්තුවට ?

By Sithumi Feb 04, 2023 06:15 PM GMT
Report
Courtesy: Lanka c news

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් බාදීමට නොහැකි බව මුදල් අමාත්‍යංශය විසින් එළඹෙන 8 වනදා පාර්ලිමේන්තුව දැනුම දෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කර තිබෙනවා.

පසුගිය අයවැයෙන් මැතිවරණය සඳහා මුදල් වෙන් කර ඇතත් පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඒ සඳහා මුදල් නිදහස් කිරීමට නොහැකි බවද එම යෝජනාව මගින් දැනුම් දීමට නියමිතයි.

එම දැනුම්දීම පදනම් කරගනිමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ආර්ථික තත්වය හමුවේ මැතිවරණය මාස කිහිපයකින් කල් දමනු දමන්නැයි 10 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කිරීමටද ආණ්ඩුව සූදානම් වනවා. 

මෙම වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක මුදලක් පසුගිය අයවැය ලේඛනය මගින් වෙන් කර ඇතත් පවතින ආර්ථික තත්ත්වය හමුවේ මුදල් නිදහස් කිරීමට නොහැකි බව මුදල් අමාත්‍යාංශයද දිගින් දිගටම දැනුම් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.