ඉදිරියේදි සහල් මිළෙහි වෙනසක්..?

Sri Lanka Ministry of Finance Sri Lanka Economy of Sri Lanka
By Sithumi Dec 05, 2022 06:04 PM GMT
Sithumi

Sithumi

Report

රජය පිටරටින් සිදුකරණ සහල් ආනයනය නතර කළහොත් ගොවියාගේ වී සාධාරණ මුදලකට මිලදීගත හැකි බව නිව් රත්න සහල් ව්‍යාපාරයේ අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා පවසනවා.

එසේ වුවහොත් රුපියල 125ක් වැනි මිලකට වී කිලෝවක් ගොවීයාගෙන් මිල දී ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

මිල ගැටලුව පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නිව් රත්න සහල් ව්‍යාපාරයේ අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා පළ කළ අදහස් පහතින්,

"අපේ රටට විශාල වශයෙන් සහල් විදේශ රටවල්වලින් ගේනවා.

ජනවාරි මාසේ 15 වැනිදායින් පසු විශාල වී අස්වැන්නක් අපිට එනවා. ඒ නිසා   රජයෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලන්නේ සහල් ගේන එක නවත්වන්න. එහෙම කළොත් එන මාස් කන්නයේ රුපියල් 100කට වාගේ මිලකටවත් ගොවියාගෙන් අපි වී මිලදී ගන්න සැලසුම් කරන්න ඕනේ." 

 මාධ්‍යවේදියා - ඇත්තටම ඔබතුමාලා ගන්නේ කීයටද? "90ත් 100ත් අතර අපි වී කිලෝව ගන්නවා මේ වෙලාවේ. 

රටෙන් ගේන එක නැවැත්වුවහොත් අපට ගොවියාට රුපියල් 120 ක් 125ක්වත් දීලා සමාන්‍යයෙන් පාරිභෝගික ජනතාවටත් සාධාරණ මිලකට සහල් ටික ගන්න අපිට පහසුකම හදන්න  පුළුවන්. හැබැයි මම කෘෂිකර්ම ඇමතිට ස්තූතිවන්ත වෙනවා. මේ රටේ ගොවි ජනතාව ගිය කන්නේ රුපියල් 40,000ට තමයි පොහොර ගත්තේ. නමුත් එතුමා මැදිහත්වෙලා මේ සැරේ පොහොර රුපියල් 10,000ට දුන්න නිසා සියලුම පළාත්වල ඉතාම සාර්ථකව වී වගාව කරලා තියෙනවා. දැන් පාලන මිල 220 වුණාට ඊට අඩුවෙන් සහල් තියෙනවා. ඒ නිසා කිසිසේත්ම සහල් මිල ඉදිරියේදී වැඩිවෙන්නේ නැහැ."