ඊළඟට ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිදු කරන්න යන වෙනස

By Sithumi Mar 13, 2023 05:24 PM GMT
Sithumi

Sithumi

Report

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කිරීමට නියමිත බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා පළමු තරගයේදී කඩුළු රකින්නා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ල වෙනුවට දෙවන තරගයේදී නවක ක්‍රීඩක නිෂාන් මදුෂ්කවයි කණ්ඩායමට කැඳවීමට නියමිතව තිබෙනෙන්.

ඒ අනුව නිෂාන් මදුෂ්ක දෙවන තරගයේදී ටෙස්ට් වරම් හිමිකරගනු ඇති.

මේ අතර දෙවන ටෙස්ට් තරගයේදී කඩුළු රැකීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට පැවරෙනු ඇති බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.