දුම්රියේ ගමන් කළ කාන්තාවට සෙරෙප්පු වෙන් පහරදුන් පුද්ගලයාට ලැබුණු දඬුවම..

Tourism
By Sithumi Feb 25, 2023 04:22 PM GMT
Sithumi

Sithumi

Report

දුම්රියේ ගමන්කළ විදෙස් ජාතික කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදුන් බවට අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරු බන්ධනාගාර ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි.

බණ්ඩාරවෙල සිට ඇල්ල දක්වා දුම්රියක ගමන්කළ සංචාරක විදේශීය කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදෙන වීඩියෝවක් පසුගිය 22 වනදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

එම සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන සැකකරුව පසුගිය 23 වනදා පෙරවරුවේ බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.