අරගලකරුවන් හිටපු ජනපති හමුවෙයි. විශේෂ වැඩ පිළිවෙලක්.. (PHOTOS)
Srilanka Freedom Party
Maithripala Sirisena
By Sithumi
ගෝල්ෆේස් පුරවැසි අරගලය නියෝජනය කරන කණ්ඩායමක් අද (18)මා හමුවිමට පැමිණියේය.
එහිදි 20 වනදා පාර්ලිමේන්තුව විසින් පත් කිරිමට නියමිත අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් මා හට ප්‍රකාශ කළ අතර එහිදි ඔවුන් මා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රධාන වශයෙන්ම ඉල්ලා සිටියේ ජනාධිපති අනුප්‍රාප්තිකයා තෝරනු ලබන ජන්ද විමසිමේදි ජන්දය ප්‍රකාශ කරන ලෙසයි.
එහිදි ඔවුන් ඉදිරිපත් කළ යෝජනා හෙට රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත මා යොමුකර පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මතයද විමසා සුදුසු පියවරක් ගැනිමට නියමිතව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න |




