ණය සම්බන්ධයෙන් මෙරටට ලැබුණු සුබ පණිවිඩය

Sri Lanka Economic Crisis Sri Lanka China
By Sithumi Dec 09, 2022 11:15 AM GMT
Sithumi

Sithumi

Report

 සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණදී තිබෙන ණය අර්බුදය සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුවේ නිලධාරීන් සමග සාකච්ඡා කළ බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් මහතා ප්‍රකාශ කළා. 

 එම සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ද සහභාගී වූ අතර චීන නියෝජිතයින් සමග ඔවුන් ආර්ථික වර්ධනය, වෙළෙඳාම, ආයෝජන සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බවයි මැල්පාස් පවසන්නේ. 

 එසේම ස්වයිරී ණය අඩු කිරීම සහ දීර්ඝකාලීන තිරසර බව සම්බන්ධයෙන්ද ඔවුන් සාකච්ඡා කර තිබේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now