කොවිඩ් මර්දනට ලක්ෂ 900 ක වෑන් රථ...

srilanka health pavithcha wanniarchchi
By Nimal Jul 20, 2021 10:46 AM GMT
Nimal

Nimal

Report

කොවිඩ් මර්දන හා පාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව රුපියල් ලක්ෂ 900 ක් වටිනා වෑන් රථ 09 ක් පළාත් අතර බෙදාදිම අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශයේ දී සිදු කෙරිනි.

ආසියානු සංවර්ධන බැංකුවේ (Asian Development Bank) මූල්‍ය දායකත්වය මත සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් NISSAN URVAN වර්ගයේ වෑන් රථ මේ සදහා ලැබී තිබේ.කොවිඩ් මර්දනට ලක්ෂ 900 ක වෑන් රථ... | Srilanka Health

මෙම වෑන් රථ මධ්‍යම පළාතේ නුවර, මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්ක සදහාත්, උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සදහාත්, ඌව පළාතේ බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක සදහාත්, සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සදහාත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය පද්ධති වැඩි දියුණූ කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.