මුව ආවරණය ගැලවීමට අවස්ථාවක් නෑ ....(PHOTO)

srilanka health sudarsane prenandupulle
By Nimal Jul 14, 2021 05:31 PM GMT
Nimal

Nimal

Report

 කොවිඩ් වසංගතය ජනජීවිතය අඩාල කිරීමට පැමිණි වෛරසයක් වන බැවින් එන්නත් කිරීම සිදුකළද මුව ආවරණය ගැලවීමට අවස්ථාවක් නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.මුව ආවරණය ගැලවීමට අවස්ථාවක් නෑ ....(PHOTO) | Srilanka Health

අමාත්‍යවරිය මේ බව සදහන් කලේ වෙන්නප්පුව ලුණුවිල ප්‍රාදේශීය රෝහලේ අද (14) කොවිඩ් කාන්තා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. වෛරසය වෙනස් වෙලා දරුණු වෛරස් ප්‍රභේද බිහිවෙමින් තිබෙන බැවින් එන්නත් කරගත්තද සෙසු සෞඛ්‍ය හුරු පුරුදු පිළිපදිමින් මුව ආවරණය පැළැදීම වැදගත් වන බවත් එසේ කළ විට තමාට හෝ තමාගේ පවුලේ අයවලුන්ට එම විෂබීජය ඇතුලු නොවන බවත් අමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළාය.

එන්නත තුළින් සිදුකරන්නේ මරණය වැළැක්වීම වන බැවින් රෝගය බෝවීමේ අවදානම එලෙසම පවතින බැවින් මුව ආවරණය පැළැදගැනීමේ වගකීම ඇත්තේ තමන් සතුව බවත් සදහන් කළ අමාත්‍යවරිය මුව ආවරණය පැළැදවීමට ආණ්ඩුවකට කල නොහැකි බවත් ආණ්ඩුවකට කළ හැක්කේ එන්නත් ලබාදීම, රෝහල් පද්ධතිය සූදානම් කිරීම ඇතුලු යටිතල පහසුකම් ලබාදීම වැනි අත්‍යවශ්‍ය කාරණා සිදුකිරීමට බැවින් ජනතාවට මුව ආවරණ පැළදගැනීම ඇතුළු සෙසු සෞඛ්‍ය පුරුදු පිළිපැදීමේ වගකීම පවතින බව මෙහිදී සදහන් කළාය. වෙන්නප්පුව ප්‍රදේශයේ ජනතාව කොවිඩ් ආසාදිත වූ පසු දුරබැහැර ප්‍රදේශවලට ප්‍රතිකාර සදහා රැගෙන යාම පිළිබදව අවධානය යොමු කළ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් ඒ පිළිබදව විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ සදහා අවශ්‍ය පසුබිම සොයා බැලීම සදහා ලුණුවිල ප්‍රාදේශීය රෝහල මැයි මස 09 දින නිරීක්ෂණයට ලක්කළ අතර මාස දෙකක කාලයක් ඇතුළත ආරම්භ කළ කටයුත්ත සාර්ථක කරගැනීමට හැකිවීම පිළිබදව සිය සතුට පළකරන බව අමාත්‍යවරිය මෙහිදී සදහන් කළාය.

මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සදහා අරුන්දික ප්‍රනාන්දු මහතා, වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව දැක්වූ දායකත්වයත් වෛද්‍ය අධිකාරිතුමා ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැක්වූ උනන්දුවත් පිළිබදව සිය කෘතවේදීත්වය පලකරන බව අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කරන ලදි. ලුණුවිල ප්‍රාදේශීය රෝහලේ ස්ථාපිත කළ කොවිඩ් කාන්තා ප්‍රතිකාර ඒකකයේ ඇදන් ධාරිතාව 25ක් වන අතර එහි වෝල් ඔක්සිජන් ඩිපෙන්ඩන් ඇදන් 05කින්ද සමන්විත වේ. ප්‍රතිකාර ලබන අයගේ ප්‍රයෝජනය සදහා ස්ථාපිත කිරීමට රූපවාහිනී යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා විසින් මෙහිදී කටයුතු කරන ලදි.

මෙම අවස්ථාවට ආගමික පූජකවරු සමග වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, වයඹ පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ, වෙන්නප්පුව ප්‍රදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ, ලුණුවිල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය අධිකාරී රුවන් පෙරමුණ යන මහත්වරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්විය.