කාටත් සාමානව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙයි....
“සෞඛ්‍ය මාර්ගෝපදේශණ පනවන්නේ ඡෝෂප් ස්ටාලිං, වී.අයි ලෙලින්, කාල්මාක්ස් සහ පියුම් හංසමාලිලා වෙනුවෙන් නොවෙයි, කාටත් සාමානව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය සිදු වෙනවා.”සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙම කරුණු දැක්වු අවස්ථාවේදීය.
මෙහිදී වැඩ් දුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය - “කොවිඩ් 19 වසංගතය මුළු ලෝකය නිල වශයෙන්ම පිළිගත් ව්‍යවසනයක්. එය ජාතික ව්‍යවසනයක්. මෙම වසංගතය අප කියන දේශපාලන පාඨයක් හෝ වැකියක් නොවෙයි. එය ලෝකය පිළිගත් කාරණයක්. අප උත්සාහ දරන්නේ අපේ රට මෙම ව්‍යසනයෙන් ගොඩ ගැනීමටයි.
ඒ අනුව මුළු ලෝකයම පිළිගත් ආකාරයට අපි රට තුළත් අප සෞඛ්‍ය මාර්ගෝපදේශ පනවනවා. අප ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශණ පනවන්නේ ඡෝෂප් ස්ටාලිං වෙනුවෙන් වත්, වී.අයි ලෙලින් වෙනුවෙන්වත්, කාල්මාක්ස් වෙනුවෙන් වත්, පියුම් හංසමාලි වෙනුවෙන්වත්, අටලුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මුහුණට කෙළ ගැසූ මොහොමඩ් වැනි මේ කාටත් එක හා සාමානව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට මේ රටේ පොලීසියට සිද්ධ වෙනවා.”
“මේ රටේ දරුවන්ගේ නැණ නුවණ පාදන ගුරු මව්පියවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් කියන කඩතුරාවට මුවාවෙලා දේශපාලන පක්ෂවල, දේශපාලන බලවේගවල වුවමණාවට මෙවන් ව්‍යසනයක් පවතින අවස්ථාවක සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩනවා නම් ඒ අය අත්අඩංගුවට ගැනීමට පොලීසියට සිදු වෙනවා.
එමෙන්ම එය මේ රටේ දරුවන්ට පෙන්වන වැරදි ආදර්ශයක්. ජාතික ව්‍යසනයක් පවතින මෙවැනි අවස්ථාවක මෙම ගරු මව්වරුන්ගේ පියවරුන්ගේ වෘත්තීය සමිති වලට නායකත්වය ප්‍රධානීන් ප්‍රසිද්ධියේ මෙම මාර්ගෝපදේශ කඩ කරනවා නම් අප කොහොමද පාසල් පටන්ගත්තාම දරුවන්ට කියන්නේ මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න කියලා.”
“එම නිසා දේශපාලන පක්ෂවල, දේශපාලන බලවේගවල උවමනාවට, දේශපාලන බලපෑම් මත සිදු කරන දේශපාලන ඊනියා වෘතීය සමිති සටන් කොවිඩ් වසංගතය යම් කිසි පාලනයකට ගෙන එන තුරු නවත්වන්න කියලා දෙයියන්ගේ නාමයෙන් අප ඉල්ලා සිටිනවා.” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවැසීය.