ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නැංවීමට විශේෂ අවධානයක් ...

srilanka health sudarsane pranandupulle
By Nimal Jul 12, 2021 11:47 AM GMT
Nimal

Nimal

Report

 ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නැංවීම සදහා විශේෂ උනන්දුවක් සහ අවධානයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය. අමාත්‍යවරිය මේ බව සදහන් කලේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නව නේවාසික නියෝජිත වෛද්‍ය අලකා සිං මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (12) දින හමුවූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් පාලන තත්වය පිළිබදවත් එන්නත්කරණය පිළිබදවත් විශේෂයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර කොවිඩ් පාලනය සදහා ගෙන ඇති විශේෂ ක්‍රමවේද පිළිබදවද අමාත්‍යවරිය විසින් පැහැදිලි කරන ලදි. මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පිළිබදව විශේෂ අවධානයක් යොමුවූ අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැදගත්කම වෛද්‍ය අලකා සිං මහත්මිය ඉස්මතු කළ අතර ඒ සම්බන්ධව රජයේ අවධානයත් විශේෂයෙන් ජනාධිපතිතුමාගේ අවධානයත් යොමුව ඇති ආකාරය අමාත්‍යවරිය විසින් පැහැදිලි කරන ලදි. ලෝක සෞඛ්‍ය සංවිධානයේත් ලෝක බැංකුවේත් විශේෂ අනුග්‍රහය ඒ සම්බන්ධයෙන් අපේක්ෂා කරන බව අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සදහන් කරන ලදි. වෛද්‍ය අලකා සිං මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නව නේවාසික නියෝජිතවරිය ලෙස වැඩබාර ගැනීමෙන් පසු අමාත්‍යවරිය හමුවූ පළමු අවස්ථාව මෙය වන අතර මෙහිදී සිං මහත්මිය වෙත සිය සුබපැතුම් එක්කිරීමටද අමතක නොකළාය. සෞඛ්‍ය සහ සංවර්ධනය පිළිබදව වසර විස්සකට වඩා අධික අත්දැකීම් ඇති වෛද්‍ය අලකා සිං මහත්මිය සෞඛ්‍ය පද්ධති, ප්‍රාථමික සෞඛ්‍ය සේවා සහ ජාත්‍යන්තර සෞඛ්‍ය ආවරණ පිළිබද විශේෂ තාක්ෂණික දැනුමකින් යුක්ත අයෙකි. මෙම අවස්ථාවට කොවිඩ් 19ට සූදානම්වීම සහ ප්‍රතිචාර දැක්වීම සදහා පත්කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ නියෝජිත වෛද්‍ය පාලිත අබේකෝන් මහතාද එක්විය