දමිළ වාණිජ මණ්ඩලයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්...

srilanka health paviththa wanniarchchi
By Nimal Jul 09, 2021 08:04 AM GMT
Nimal

Nimal

Report

මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් මහනුවර දමිළ වාණිජ මණ්ඩලය (KTTA) විසින් රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොඟයක් අද (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කළාය.

ප්‍රදානය කරන ලද උපකරණ අතර Table top Pulse Oximeter 01 ක්, ECG Meter 02 ක්, Doppler Machine 10 ක් සහ N 95 Mask 2000 ක් ද විය. මහනුවර දමිළ වාණිජ මණ්ඩලයේ සභාපති ආර්.අන්බලගන් මහතා විසින් මෙම වෛද්‍ය උපකරණ තොගයෙන් සංකේතවත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාවට නුවර ප්‍රාදේශිය සෟඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල , නියෝජ්‍ය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පී.නිතර්ශිනී, ව්‍යාපෘති සම්භන්ධීකාරක එම්.සිවරාජ්, Marlbo ව්‍යාපාර අධ්‍යක්ෂ හා සභාපති මනිමුත්තු , හා දමිළ වාණිජ මණ්ඩලයේ එස්. පරමේෂ්වරන්, චාල්ස් , එම්.ශ්‍රිධර් යන මහත්ම මහත්මීන් ද සහාභාගි වූහ.