60 ට අයට සයිනොෆාම් පළමු මාත්‍රාව ඉදිරි තෙදින තුළ...

srilanka health s m anald
By Nimal Jun 28, 2021 12:56 PM GMT
Nimal

Nimal

Report

  බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60 ට වැඩි ජනතාව සදහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ඉදිරි තෙදින තුළ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතා පවසයි.

ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සංවිධානය කරන එන්නත් මධ්‍යස්ථානය තුළ දී එම එන්නත ලබාදීමට කටයුතු යොදා ඇති බවත්, එම එන්නත් ලබාගැනීමේ මධ්‍යස්ථාන පිළිබදව ඔබ අයත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අමතා එන්නත් මධ්‍යස්ථානවල විස්තර ලබාගත හැකි බවද විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතා වැඩිදුරටත් සදහන් කරයි.