කොවිඩ් පාලනයට රු.මිලියන 5.4ක වෛද්‍ය උපකරණ ...

srilanka health sudaarsane prenandupulle
By Nimal Jun 21, 2021 02:06 PM GMT
Nimal

Nimal

Report

කොවිඩ් රෝගයෙන් ශ්වසන අපහසුතා ඇතිවන රෝගීන් වෙත අවශ්‍ය වන ඔක්සිජන් ලබාදීම සදහා රෝහල් වෙත අවශ්‍යවන ඔක්සිජන් හයිෆ්ලෝ යන්ත්‍ර හතරක් කොකා කෝලා ශ්‍රී ලංකා සමාගම විසින් රෝහල් 04කට පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් අද (21) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.කොවිඩ් පාලනයට රු.මිලියන 5.4ක වෛද්‍ය උපකරණ  ... | Srilanka Health

නවසීලන්තයේ නිෂ්පාදිත රුපියල් මිලියන 5.4ක් වටිනා ස්වයංක්‍රීය හයිෆ්ලෝ නේසල් ඔක්සිජන් තෙරපි ඒකක 04ක් මෙසේ දෙහිඅත්තකණ්ඩිය, අම්පාර, මාතර, ගම්පහ යන රෝහල් වෙත ලබාදීමට එම මොහොතේදීම කටයුතු කළ අතර ඒ සදහා දෙහිඅත්තකණ්ඩිය රෝහල වෙනුවෙන් ඖෂධවේදී බුද්ධික ප්‍රසාද් මහතා, අම්පාර රෝහල වෙනුවෙන් ඖෂධවේදී රුවන් අබේරත්න මහතා, මාතර රෝහල වෙනුවෙන් ඖෂධවේදී සී.එස්. රාජපක්ෂ මහතා සහ ගම්පහ රෝහල වෙනුවෙන් ප්‍රධාන හෙද නිලධාරිනී (විශේෂ ශ්‍රේණිය) ඩබ්ලිව්.කේ. ප්‍රියන්තිකාද සිල්වා මහත්මිය වෙත කොකා කෝලා සමාගමේ මහජන සම්බන්ධතා සහ සන්නිවේදන අධ්‍යක්ෂ ලක්ෂාන් මදුරසිංහ මහතා විසින් එම උපකරණ ලබාදීමට කටයුතු කරන ලදි.කොවිඩ් පාලනයට රු.මිලියන 5.4ක වෛද්‍ය උපකරණ  ... | Srilanka Health

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ මේ රටේ ව්‍යවසනයක් ඇතිවූ සෑම අවස්ථාවකම රටවැසියා වෙනුවෙන් බොහෝ පරිත්‍යාග කිරීමට දානපතීන් ඉදිරිපත්වනවා දකින්නට ලැබෙන අතර මේ අවස්ථාවේ කොකා කෝලා සමාගම මෙසේ ඉදිරිපත්වීම පිළිබදව සිය ස්තුතිය පළකර සිටින බවයි.

කොකා කෝලා ශ්‍රී ලංකා සමාගම විසින් කොවිඩ් 19 වෙනුවෙන් දියත්කර ඇති Stop the Spread වැඩසටහනේ එක් පියවරක් ලෙස රෝහල් වෙත මෙම පරිත්‍යාගය සිදුකළ අතර ඉදිරියේදී කොවිඩ් සටනේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙනුවෙන් රුපියල් මිලියන 40ක් වටිනා පුද්ගල සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් (PPE Kits) ලබාදීමටද සැලසුම් කර ඇත.