එකිනෙකාට චෝදනා නොකර වසංගතය තුරන් කිරීටම සහාය ලබා දීම අතිශ්‍ය වැදගත් ....
රට පුරා කම්හල්වල කොවිඩි 19 ආසාදනය වීමට කම්කරු දෙපාර්තුමේන්තුව වගකිව යුුතු බවට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමය මගින් නිකුත් කරන ලද සාවද්‍ය සහ දේවේශ සහගත ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව කම්කරු කොමසාරිස් ජෙනරාල් බී.කේ .ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
කම්කරු ඇමතිතුමාගේ උපදෙස් මත පසුගිය දිනවල තුල්හිරිය Mas Fabric Park ආයතනයේ සේවක සේවිකාවන් විශාල පිරිසකට කොව්ඩ් 19 ආසාදනය වීම පිළිබදව පරිීක්ෂණයක් පවත්වන ලදි. ඒ අනුව එම ආයතනය තුළ කම්කරු දෙපාර්තුමේන්තුව උපදෙස් මත සෞඛ්‍ය කමිටු පිහිටුවා සෞඛ්‍ය මාර්ගගෝපදේශ නිසි පරිදි අනුගමනය කර තිබු බවත්,එම සෞඛ්‍ය කමිටු සතියකට වරක් රැස්වී සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව නිරන්තරයෙන් අවධානයෙන් සිටි බවටත් සාක්ෂි සහිතව තොරතුරු වාර්තා වී ඇත. එසේම මුඛ ආවරණ පැළදවීම විෂබීජ නාශක දියර භාවිතය හුමාල ඇල්ලීමේ පහසුකම් සේවා මුර වලින් අනතුරුව මහන යන්ත්‍ර විෂබීජ හරණය කිරීම ආදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ද අනුගමනය කර ඇත.
නමුත් සේවක සේවිකාවන් පමණක් නොව ඉහළ කළමණාකාරිත්වයද රෝගයට බදුන් වී අති බව වාර්තා වී ඇති බැවින් තුල්හිරිය Mas Fabric Park ආයතනයේ කොවිඩ් 19 වයිරසය පැතිරීම සෞඛ්‍ය කමිටු නොපිහිටුවීම නිසා ඇති වුවක්ය යන්න ඇන්ටන් මාකස් මහතා විසින් කරන ලද ප්‍රකාශයට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව පැහැදිලි වන බවද බී.කේ .චන්ද්‍රකීර්ති මහතා පවසයි. කම්කරු දෙපාර්තුමේන්තුව මගින් සෞඛ්‍ය කමිටු පිහිටුවීම සදහා අවශ්‍ය උපදෙස් කර්මාන්ත ශාලා හිමියන්ට ලබාදී තිබේ.
සෞඛ්‍ය සේවා දෙපාර්තුමේන්තුව නිකුත් කර ඇති සහ ඉදිරියේදී නිකුත් කරන ලබන මාර්ගෝපදේහ පිළිපදින ලෙස සියළුම හාමුපුතුන්ගෙන් හා සේවක සේවිකාවන්ගෙන් ඉල්ලා සිටී.සියළුම සේවක සේවිකාවනගේ ගැටලු සම්බන්ධයෙන් නිරතුරුවම කම්කරු දෙපාර්තුමේන්තුව අවධානයෙන් සිටින බැවින් එකිනෙකාට චෝදනා නොකර සියල්ල එකතු වී මේ වසංගතය තුරන් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීම අතිශය වැදගත් බවද කම්කරු කොමසාරිස් ජෙනරාල් බී.කේ .ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැඩි දුරටත් පැවසුවේය.