සෞඛ්‍ය සේවය දැඩි අර්බුදයක..
By Sithumi
අත්‍යවශ්‍ය මානව හා භෞතික සම්පත්වල හිඟය නිසා සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම දැඩි අර්බුදයකට පත් ව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ රට පුරා රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන වල වෛද්‍ය හෙද පරිපූරක අතුරු වෛද්‍ය හා කණිෂ්ඨ කාර්ය මණ්ඩල දැඩි හිගයක් පවතින බවයි. ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවා මනා ලෙස පවත්වාගෙන යාමට නොහැකි වී ඇතැයිද ඔහු පැවසුවා.
ඖෂධ, වෛද්‍ය උපකරණ සහ රසායනික ප්‍රතික්‍රියක වල උග්‍ර හිගයක් පවතින නිසා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම ප්‍රමාද වීම හා නොලැබීයාම බහුල වශයෙන් සිදුවන බවද ඔහු තවදුරටත් කියා සිටියා.
මෙම තත්වය වෙනස් කිරීම සඳහා ආණ්ඩුව ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකළහොත් රට පුරා සෞඛ්‍ය සේවාව බිඳ වැටීම නතර කළ නොහැකි බව ද හෙතෙම තවදුරටත් පවසනවා.