ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයක් හිමි කර ගනියි..
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (05) පැවති දෙවැනි විස්සයි 20 තරගයේ විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට කණ්ඩායම අද සමත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියාව සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 දැවී ලකුණු 206ක් රැස් කළේ අතර ලකුණු 207ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුලු 08ක් දැවී ලකුණු 190ක් පමණයි.
ඒ අනුව ලකුණු 16කින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජය වාර්තා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් සමත් වුණා.
ඔවුන් දෙදෙනා පන්දුවාර 8.2කදී ලකුණු 80ක් රැස්කළ අතර පළමු කඩුල්ල ලෙස මෙන්ඩිස් ලකුණු 52කට දැවී ගියා. පැතුම් නිස්සංක ලකුණු 33ක් රැස් කළ නමුත් ශ්‍රී ලංකා මැදපෙළ නැවතත් අසාර්ථක වුවද භානුක රාජපක්ෂ ලකුණු 02කට සහ ධනංජය සිල්වා ලකුණු 03කට දැවීගිය අතර චරිත් අසලංක ප්‍රවේගකාරී ලකුණු 37ක් රැස් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |