එක් පියවරක් සාර්ථකයි... මහබැංකුවෙන් රටටම සුභ නිවේදනයක්.....

Central Bank of Sri Lanka Sri Lanka Financial crisis
By Sithumi Jun 07, 2022 03:26 PM GMT
Sithumi

Sithumi

Report

විනිමය අනුපාතික නම්‍යශීලි කිරීමේ තීරණයෙන් පසුව තවදුරටත් රුපියලේ අගය සීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා ගනු ලැබූ පියවර සාර්ථක බව ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කළා.

එම තත්ත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට පැමිණීමේ ප්‍රගතියට ද හේතුවූ බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ. මේ වසරේ මාර්තු මුල් සතියේදී රුපියල නම්‍යශීලි කිරීමත් සමග “නම්‍යශීලි විනිමය අනුපාතිකය”

නිසි මට්ටම ඉක්මවා විශාල ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට යම් බාධාවක් මතුවූ බවත් මහ බැංකුව නිවේදනය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 8
Join now