මැති ඇමතිවරු 22ක් අත්තඩංගුවට ගැනීමට උපදෙස්..!

Report

මයිනගෝගම ප්‍රහාරයට සම්බන්ධ හිටපු මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් ඇතුළු 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

GotaGoGama සාමකාමී විරෝධතා ස්ථාන. නීතිපතිවරයා විසින් නම් කරන ලද පුද්ගලයින් 22 දෙනා අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද වනවා.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගේ, ඩෑන් ප්‍රියසාද් යන මහත්වරුන් ද නීතිපතිවරයා විසින් නම් කළ අය අතර වේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now