ගෑස් ප්‍රමිතිය පිරික්සන්න දිස්ත්‍රික් 7කින් සාම්පල ගනී

gas gas explosion srilankanews gagananews
By Gagana Nov 28, 2021 08:54 AM GMT
Gagana

Gagana

Report

වෙළෙඳපොළ තුළ ඇති ගෑස්වල ප්‍රමිතිය පරීක්‍ෂා කිරීම සඳහා දිස්ත්‍රික්ක 7 කින් සාම්පල ලබාගෙන ප්‍රමිතිය පරීක්‍ෂා කිරීම සඳහා යොමු කරන බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ගෑස් සම්බන්ධයෙන් සාමාන්‍ය තත්වයට වඩා දෙයක් පසුගිය කාලයේ රට තුළ සිදුවූ බව පිළිගන්නා බව කී රාජ්‍ය අමාත්‍යවරයා ගෑස්වල ප්‍රමිතිය පරීක්‍ෂ කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වගකීමක් නිසා ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට එම ආයතනය එකඟ වූ බව ද සඳහන් කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now