ආහාර විෂවී ඇගලුම්හල් සේවිකාවන් 114ක් රෝහල් ගත කරයි..

Sri Lanka Hospitals in Sri Lanka
By Sithumi Jan 03, 2023 01:59 PM GMT
Sithumi

Sithumi

Report

 කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක ආහාර විෂ වීමෙන් 114 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා

මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ රෝහල් ගත කළ සියලු දෙනා සේවිකාවන් වන අතර ඊයේ උදෑසන ආයතනය මගින් ලබාදුන් ආහාර වීමෙන් අනතුරුව ඇඟලුම් සේවිකාවන්  රෝගී වී ඇති බවයි. 

  රෝගී වූ ඇඟලුම් සේවිකාවන් ඉමදුව, අහංගම, කලුගල හා කරාපිටිය රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර හබරාදුව පොලිසිය පරික්ෂණ ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now