සැමියා නාන කාමරේට යන්නේ පූසිත් එක්ක..ඔහුට පූසි එක්ක සම්බන්ධයක් තියනවා. ගම්පහින් ඇහෙන අමුතු කතාව

By Sithumi Sep 16, 2022 05:28 PM GMT
Sithumi

Sithumi

Report

නිවසේ සුරතලයට ඇති කරන බැළලිය සමඟ තම සැමියා කායික සම්බන්ධතා පවත්වන බවට බිරියක විසින් කරන ලද පැමිණිල්ලක් මත එම අඹුසැමි යුවළ ගම්පහ මහ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත සැමියාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරීගේ උපදෙස් මත එම යුවළ මෙසේ මානසික රෝග පිළිබඳ විශේෂඥවරයා වෙත ඉදිරිපත් කර තිබේ. අවුරුදු 47ක් වයසැති සැමියා වෙළෙඳසලක හිමිකරුවෙකි.

බිරියට අවුරුදු 43කි. ඔවුන්ට දරුවන් තිදෙනකු සිටින බවත් පොලිසිය පවසයි. එක් දරුවෙකු උසස් අධ්‍යාපනය ලබන හෙයින් නිවසේ නොසිටින අතර අනෙක් දරු දෙදෙනා නිවසේ සිටිති. එම දරු දෙදෙනාගෙන් ලබාගත් ප්‍රකාශ තුළින් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණයක් නොවන බව ද පොලිසිය පවසයි.

සැමියා නාන කාමරය තුළට බැළලිය රැගෙන ගොස් කායිකව එක්වන අයුරු ඇසින් දුටු බවට බිරිය චෝදනා කරන බවත් සැමියා එකී චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් පොලිසිය පවසයි. අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

උපුටා ගැනීම ටෝනි කරුණානායක (දිනමිණ පුවත්පතින්