නිවසේ සුරතලේට ඇති කරන බලු පැටියා නිසා අවසන් ගමන් ගිය පාපන්දු ක්‍රීඩකයා..
සිය නිවසේ සුරතලයට ඇති කරනු ලබන සුනඛයින් තිදෙනෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් හිටපු පාපන්දු ක්‍රීඩකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙලෙස සුනඛයින් ගේ සපා කෑමට ලක්වීමෙන් මියගොස් ඇත්තේ 60 හැවිරිදි හිටපු පාපන්දු ක්‍රීඩකයෙකු වන Philemon Mulala වන අතර, ඔහු සැම්බියානු පාපන්දු කණ්ඩායම නියෝජනය කරනු ලැබූ ක්‍රීඩකයෙකු වන අතර දකුණු අප්‍රිකාවේ, කේප් ටවුන් හි දිවි ගෙවමින් සිටි මෙම හිටපු පාපන්දු ක්‍රීඩකයා සිය නිවසේ සුරතලයට සුනඛයින් තිදෙනෙකු ඇති කර ඇති බවයි.
නිවසේ සුරතලයට ඇති කරනු ලැබූ සුනඛයින් තිදෙනා අඛණ්ඩව බිරීම හේතුවෙන් ඒ ගැන විමසිලිමත්වී ඇති මෙම පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ ගෙවත්ත සෝදිසි කිරීමේදී සිය ස්වාමි පුරුෂයා බිම ඇද වැටී සිටිනවා දැක පසුව හදිසි සෞඛ්‍ය සේවාවන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
පසුව අනාවරණය වී ඇත්තේ ඔවුන් පැමිණ පරික්ෂා කර බැලීමේදී එම පුද්ගලයා සුනඛයින් ගේ සපා කෑමට ලක්වීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවටයි.
ඉතා අවසානාවන්ත අයුරින් ජිවිතයට සමුදුන් මෙම පාපන්දු ක්‍රීඩකයා වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ මෙන්ම සැම්බියාවේ ක්‍රීඩා ලෝලීන් සිය ශෝකය පලකිරීමට විවිධ උත්සව පවා සංවිධානය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)