වන අඩවියක හදිස්සියේම ඇති වූ ගින්න

Fire Wildfire Hatton
By Sithumi Jan 13, 2023 04:01 PM GMT
Sithumi

Sithumi

Report

හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ පිහිටි යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයේ (13) දින ගින්නක් හටගෙන තිබෙනවා.

  හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් සැක පළ කරන්නේ අක්කර 23 ක් පමණ වු වන වගා රක්ෂිතයේ (13) දින පමණ හටගෙන ඇති ගින්න රක්ෂිතය පුරා පැතිර යමින් පවතතින අතර මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග හැටන් රුවන්පුර මාර්ගයේ ගමන් ගන්නා කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි.

රුවන්පුර ජන පදයේ පදිංචිකරුවන් කියා සිටියේ වන වගා රක්ෂිතයට ගිනි තැබිමෙන් පසු වන වගා රක්ෂිතයේ වගා කර ඇති යුකෙලෙප්ස්ටික් ගස් වියළි යන බවත්, පසුව එම වියළි ගිය ගස් දර ලෙස භාවිතා කිරිම සදහා මෙසේ රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි.  

පැතිර යමින් ඇති ගින්න නිවා දැමිමට හැටන් රුවන්පුර ජනපදයේ ප්‍රදේශවාසින් උත්සහ කලත් , ගින්න පාලනය කිරිමට නොහැකි වූ අතර ගින්න පිලිබදව හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now