වී ගොවීන් හත් ලක්ශ ගණනකට සහනාධාර..
Sri Lanka
Ministry of Agriculture
By Sithumi
චීන රජය විසින් ලබා දුන් ඩීසල් ලීටර් මිලියන 8යි දශම 6ක් මෙවර මහ කන්නයේදී වී වගා කළ ගොවි ජනතාව සඳහා බෙදා දීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මාස් කන්නයේ වී අස්වනු නෙලීම මෙම මස අවසානයේ සිට සිදු කෙරෙන බැවින් ලබන සඳුදා සිට ගොවිජන මධ්‍යස්ථාන මඟින් ඊට අදාළ ඉන්ධන වවුචර්පත් නිකුත් කරන බවයි.
ඒ අනුව ගොවීන් හත් ලක්ෂ දෙදහසක් අතර එම ඉන්ධන තොගය බෙදා දීමට නියමිතව ඇති අතර අක්කර භාගයේ සිට අක්කර දෙක හමාර දක්වා කුඹුරු ඉඩම් වලට මෙම ඉන්ධන සහනාධාරය හිමි වනවා. ඒ අනුව අක්කර දෙක හමාරක වී වගාවක් සඳහා නොමිලේ ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15ක් වන බවයි අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |