කලපුවේන් ලක්ෂ දහයක මත්පැන් තොගයක් .....

srilanka exercise capila kumarasinha
By Nimal Jun 10, 2021 10:47 AM GMT
Nimal

Nimal

Report

 ත්‍රීකුණාමලය සාම්පල්තිව් කලපු ප්‍රදේශයේදී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මහාපරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර තුනක් සාර්ථකව වටලා රුපියල් දස ලක්ෂයක් (1,000,000/=)වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් තිදෙනකු ත්‍රිකුණාමලය සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.කලපුවේන් ලක්ෂ දහයක මත්පැන් තොගයක් ..... | Srilanka Exercise

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ නීති විරෝධී ලෙස නිපදවන ලද කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර 12000ක් සහ නීති විරෝධී ලෙස සාදන මත්පැන් හෙවත් ගෝඩා මිලි ලීටර 1,600,000ක් දගර තුනක් ඇතුළු පෙරණ උපකරණ තොගයක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.කලපුවේන් ලක්ෂ දහයක මත්පැන් තොගයක් ..... | Srilanka Exercise

මහජනතාවගෙන් ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදු කරණ අවස්ථාවේ සැකකරුවන් ත්‍රිකුණාමලය අවට ප්‍රදේශවලට මත්පැන් බෙදා හැරීමේ අරමුණින් මහා පරිමානයෙන් මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි බවද සුරාබදු නිලධාරීන් පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26, 29 හා 34 යන වයස් වල පසුවන සාම්පල්තිව් ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් බවට හඳුනාගෙන තිබේ. තවද අත්අඩංගුවට ගනු ලැබූ සියලු සැකකරුවන් සුරාබදු ඇප මත මුදා හැර ඇති අතර අදාල සැකකරුවන් ජුලි මස 07 වන බදාදා දින ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු පැවරීමට නියමිතය .

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි හා සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත, නැගෙනහිර පලාත් සහකාර සුරාබදු කොමසාරිස් ධර්මසීලන් මහතාගේ මගපෙන්වීම යටතේ , සුරාබදු අධිකාරි වනිගතුංග මහතාගේ අධික්ෂණයෙන්, ත්‍රීකුණාමලය සුරාබදු ස්ථානාධිපති ,සුරාබදු පරීක්ෂක අත්තනායක , සුරාබදු පරික්ෂක කාන්ඩීපන්, සුරාබදු සැරයන් 830 ජනන්දන්, සුරාබදු කෝප්‍රල් 863 සමන්ත, සුරාබදු නියාමක 1200 බණ්ඩාර සහ සුරාබදු රියදුරු තිලීපන් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.