මත්ද්‍රව්‍ය කෝටි 3න් ගම්පහින් ගෙවල් ගත් ශිරාන් බාසික්ගේ පියා අලුත්කඩේ අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාරයට
By Kanchana
ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් පාසික් නැමැත්තා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ ඒ සැකකරු අද (12) කොළඹ අලුත්කඩේ අංක 3 දරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
සැකකරු ඊයේ (11) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි ඒ ශිරාන් බාසික් නැමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 03ක මුදලක් වැය කරමින් ගම්පහ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් තමන්ගේ නමින් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළවයි.
ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් පාසික් නැමැත්තා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.