“අපරාධ කල්ලි අත්බෝම්බ ප්‍රහාරවලට යොමුවෙලා” - දෙහිවල ප්‍රහාරයේ සැබෑ ඉලක්කය සොයා පොලිස් විමර්ශන

Report

දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඊයේ (11) අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය වැරදීමකින් සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. මෙම ප්‍රහාරයෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ පියා ද බරපතළ තුවාල ලබා මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පොලිසියට අනුව, ප්‍රහාරයේ සැබෑ ඉලක්කය වී ඇත්තේ තුවාල ලබා රෝහල්ගතව සිටින පුද්ගලයාගේ සහෝදරයාගේ නිවස බවට සැක කෙරේ. එහෙත් ප්‍රහාරකයා නිවස වැරදියට හඳුනාගැනීම හේතුවෙන් අහිංසක පවුලක් මෙම ඛේදවාචකයට ගොදුරු වී ඇති බවට පොලිසිය සැක පළ කරයි.

දරුවන්ගේ දේහයන් අද නිවසට ප්‍රහාරයෙන් මියගිය දරුවන් දෙදෙනාගේ දේහයන් අද (12) පස්වරුවේ ඔවුන්ගේ නිවස වෙත රැගෙන ඒමට නියමිතව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින අතර, ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

ලේ පිපාසිත නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් මල් කැකුළු දෙක- දෙහිවල ඝාතනය පිටුපස ඇති බිහිසුණු ඇත්ත

ලේ පිපාසිත නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් මල් කැකුළු දෙක- දෙහිවල ඝාතනය පිටුපස ඇති බිහිසුණු ඇත්ත

අපරාධ කල්ලිවල නව උපක්‍රමයක්? මේ අතර, මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සඳහන් කළේ, අපරාධ කල්ලිවලට කිසිදු අවස්ථාවක පොලිසිය හෝ මහජනතාව අබිබවා කටයුතු කිරීමට ඉඩ නොතබන බවයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් අපරාධ ක්‍රියාකාරකම් සඳහා නව උපක්‍රමයක් ලෙස අත්බෝම්බ ප්‍රහාර යොදාගැනීම ආරම්භ කර ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

දෙහිවල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ප්‍රහාරයේ සැබෑ ඉලක්කය සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටී.

හම්බන්තොට වරායට ගෙනා වාහනවල 'Smart Key' විකුණපු ලොකු ජාවාරමක් මාට්ටු

හම්බන්තොට වරායට ගෙනා වාහනවල 'Smart Key' විකුණපු ලොකු ජාවාරමක් මාට්ටු