තව දුරටත් එක රටකට තනි තනිව පිළිතුරු සොයනවා වෙනුවට සමූහික යාන්ත්‍රණයක් අවශ්‍යයි - පරිසර ඇමති කට අරී
ගෝලීය අභියෝගවලට මුහුණ දීමේදී රටවල් අතර සහයෝගීතාව සහ සාමූහික ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් බවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ගෝලීය සංවර්ධන මුලපිරුම සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා, අවස්ථා සහ අභියෝග මැයෙන් චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය සංවිධාන කළ විද්වත් සංවාදයකට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී එක්වෙමින්.
එහිදී ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා, නව ආර්ථික අවස්ථා, ජාත්‍යන්තර සහයෝගිතාව, නව තාක්ෂණය, ආයෝජන සහ තිරසර සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කර තිබුණා.
එසේම කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, මලයාසියාවේ ක්වාලා ලාම්පූර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ආර්ථික පර්යේෂක ආචාර්ය අමාලි වෙදගෙදර යන අය මෙම සංවාදයට එක්ව සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසර අමාත්‍යවරයා කියා සිටියේ,
"අද වෙනකොට ඉතිහාසය තුළ තිබුන ස්වාධීන ආර්ථික අවස්ථා වෙනස්වී තිබෙනවා. හැමදෙයක්ම හැමෝම එකතුවෙලා තමයි කරගන්න වෙලා තියෙන්නේ. තව දුරටත් එක රටකට තනි තනිව පිළිතුරු සොයනවා වෙනුවට සමූහික යාන්ත්‍රණයක් අවශ්‍ය වෙනවා. එක රටක වෙනස් වීමක් මුලු ලෝකයටම බලපාන්න පුලුවන්. ඒවා සෞඛ්‍ය ගැටලු වෙන්න පූලුවන්, පාරිසරික ගැටලු වෙන්නත් පුලුවන්. මෙවැනි දේවල් එක්ක අපේ රටේ දේශපාලන සංස්කෘතිය ගැන කතා කරනකොට, අපිට කියන්න පුළුවන් 2024 වසරේදී වෙනසක් සිදු වුනා. රටේ එකල පැවති අර්බුද, විශේෂයෙන්ම විදේශ විනිමය ගැටලු මේ වන විට බොහෝ දුරට අවසන්. රාජ්‍ය ආදායම වැඩි කරගන්නත් මේ වන විට පුළුවන් වෙලා තියෙනවා. අයවැය පරතරයද අඩු කරගන්නට අපිට හැකි වී තිබෙනවා. යළි නැගිටින රටක් ලෙස ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන්ට පැමිණි වසරක් ලෙස 2025 අවුරුද්ද අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවකදීම එදා පටන්, චීනය අපිත් සමග යහපත් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන ඇවිල්ල තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ චීන ජනාධිපතිවරයාගේ දුෂණයට එරෙහි වැඩපිළිවෙළක් අපිට අපේ රටට ගත හැකි විශේෂ ආදර්ශයක්." යනුවෙන්.