පියාසර කරමින් තිබීයදි හදිසියේම ගුවන් යානයක් කඩා වැටෙයි (VIDEO)

By Sithumi Jul 17, 2022 06:02 PM GMT
Sithumi

Sithumi

Report

සර්බියාවේ සිට ජෝර්දානය දක්වා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය පියාසර කරමින් තිබීයදි උතුරු ග්‍රීසියේදී කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම කඩා වැටුණු යානය ගිනිගෙන දැවී යන ආකාරය දැක්වෙන ඡායාරූප හා වීඩියෝ රැසක් මේ වනවිට සමාජ මාධ්‍යවල පලවී තිබෙනවා. යුක්‍රේනයට අයත් ගුවන් යානා සමාගමකට අයත් Antonov-12 නමැති මෙම යානය එහි එක් එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ගුවන් නියමුවා හදිසි ගොඩබෑමක් ඉල්ලා ඇති නමුත් යානයේ සංඥා බිදවැටි තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.

යානය කුමන ආකාරයේ භාණ්ඩ රැගෙන ගියේද යන්නත් යානය තුළ කී දෙනෙක් සිටියා ද, දිවි ගලවා ගත් හෝ මරණයට පත් වූ ගණන කෙසේ දැයි තවමත් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගිනි නිවන භටයින් 15 ක් සහ ගිනි නිවන රථ හතක් අනතුරට ලක් වූ ස්ථානයට යොදවා ඇති නමුත් පවතින පිපිරීම් හේතුවෙන් ඔවුන්ට ළඟා වීමට නොහැකි වූ බවයි. සමාජ මාධ්‍යවල පලවී තිබෙන වීඩියෝව පහතින්