"ජීවත් වෙන්න ඕනේ ලේ ටික පිරිසිදු කරගන්න බෙහෙත් දෙන්න" වකුගඩු රෝගීන් රෝහල ඉදිරිපිට විරෝධතාවයක
වකුගඩු රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් පිරිසක් පොළොන්නරුව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ඉදිරිපිට විරෝධතාවක් කළේය.
රෝහලේ පවතින පිස්ටියුලා කටු හිඟය හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක සිට පෞද්ගලික ෆාමසිවලින් රුපියල් 900-1000ක මිලකට බෙහෙත් මිලදී ගැනීමට සිදුවීම මෙම විරෝධතාවයට හේතු වී තිබේ.
රෝහලේ ලියාපදිංචි වී සිටින රෝගීන් 600ක ප්‍රමාණයක් මෙම බෙහෙත හිගයෙන් පීඩා විදින අතර රෝගීන්ගේ ඉල්ලීම වන්නේ පිස්ටියුලා කටු ලබා දීමය.
රෝගීන් පවසන ආකාරයට ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා යන පිරිස් ලිපි මගින් දැනුවත් කලද කිසිදු ප්‍රයෝජනයක් නොවූ බවයි.
ජීවිතය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වන ලේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පිස්ටියුලා කටු කඩිනමින් ලබා දෙන මෙන් ඔවුන් මෙම විරෝධතාවය සිදු කරයි.