බිත්තර මිළ සම්බන්ධයෙන් නිශ්පාදකයන් කරන්න යනදේ..

Sri Lanka Businessman
By Sithumi Jan 03, 2023 04:35 PM GMT
Sithumi

Sithumi

Report

බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගතහොත් එම ආනයනික බිත්තරවලට වඩා අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.  

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා ම මේ බව සදහන් කළා. "දැන් අපිට ආරංචි වුණා ජා-ඇළ පැත්තේ 16ක වගේ මේ ටෙන්ඩර් එක දීලා බිත්තර ගේන්න. රුපියල් 50ට දුන්නම අපිට රුපියල් 2යි ලාබ. හැබැයි එතුමා බිත්තර ගෙනාවොත් අපේ බිත්තර එයාට වඩා අඩුවෙන් දෙනවා.  

අපිට පුළුවන්. එතුමා 25ට දුන්නොත් අපි 20ට බිත්තර දෙනවා." වෙළෙඳසැල් රැසක රුපියල් 65 කට බිත්තර අලෙවි කරමින් සිටි වෙළෙඳුන් බිත්තර ආනයනයට කැබිනට් මණ්ඩලය ඊයේ අනුමැතිය දීමෙන් පසු අද (03) නැවතත් රුපියල් 55 කට බිත්තර අලෙවි කරනු දක්නට ලැබුණා.

  බිත්තර මිල අඛණ්ඩව ඉහළයාමත් සමඟ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ (02) කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ අතර ඒ අනුව බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ එකගතාව පළකර තිබුණු අතර මේ අතර රජය මෙම තීරණය ගැනීමත් සමග බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ලොරි රථවලින් බිත්තර ගෙනැවිත් නාරාහේන්පිට සහ වැලිසර ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳසැල්වලට රුපියල් 53ක තොග මිලක් යටතේ අලෙවි කිරීම අද සිදු කළා.