රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අද්‍යාපනය ගැන කළ ප්‍රකාදය
ගුණාත්මක හා සියළු කරැණු ඇතුළත් අධ්‍යාපනය සහතික කිරීම වෙනුවෙන් අධ්‍යාපනය සඳහා වන ආයෝජන වැඩි කිරීමට රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ලෝක බැංකුව සංවිධාන කළ සැසිවාරයේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
අධ්‍යාපනය සඳහා වැඩි වැඩියෙන් ඵලදායි රාජ්‍ය වියදම් රටේ අත්දැකීම්වලින් උගත් පාඩම් යන තේමාවෙන් ලෝක බැංකුව විසින් මෙම සැසිය සංවිධාන කර තිබුණා. ආර්ථිකයක සංවර්ධනය සඳහා මානව ප්‍රාග්ධනයේ කාර්යභාරය මැනවින් හඳුනාගෙන ඇති බවයි එහි දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
එමෙන්ම අධ්‍යාපනය සේවා නියුක්තිය, ඵලදායිතාව සහ ආදායම කෙරෙහි මෙන්ම සාර්ව ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා වන බලපෑම තුළින් පුද්ගල යහපැවැත්ම යන දෙකටම තීරණාත්මක බලපෑම් ඇති කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
මීට අමතරව රට අධ්‍යාපනයේ යහපත් කාර්ය සාධනයක් අත්කර ගෙන තිබුණ ද කොවිඩ් වසංගතයේ ඍණාත්මක බලපෑම් සහ මන්දගාමී ආර්ථික වර්ධනයේ අභියෝගවලට මුහුණ දීමට සහ අනාගත පරම්පරාව උපරිම හැකියා මට්ටම වෙත පැමිණීමට වේගවත් සමාජ -ආර්ථික ප්‍රගතියක් ළගා කරගත යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.