දුනිත්ව ටෙස්ට් මැච් එකෙන් නිදහස් කරයි.. හේතුව මෙන්න..

By Sithumi Jul 18, 2022 03:45 PM GMT
Sithumi

Sithumi

Report

අවුරුදු 19යෙන් පහල ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ව ටෙස්ට් සංචිතයෙන් නිදහස් කර තිබෙනවා.

ඒ සිය පාසලේ වාර්ෂික මහා ක්‍රිකට් තරඟයට සහභාගිවීම වෙනුවෙන්. දුනිත් වෙල්ලාලගේ පකිස්ථානය සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සදහා ද නම් කලද මෙතෙක් ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුනේ නැහැ. කෙසේ වෙතත් ඔහු නියෝජනය කරන ශාන්ත ජෝශප් විද්‍යාලය සහ ශාන්ත පිතර් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙනුයි ඔහුව මෙලෙස ටෙස්ට් සංචිතයෙන් නිදහස් කර තිබෙන්නේ.

මේ වනවිට පි සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගයකදී ලකුණු 63 කට කඩුලු 3ක් දවාගෙන විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට වෙල්ලාලගේ සමත්වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න 
Join now