අයියාගේ ත්‍රිරෝද රථයේ බැටරිය ගලවන්න පැමිණ විදුලි සැරත් වැදී යකඩ පොලු පහරකුත් කා මල්ලි මියයයි

Sri Lanka Police
By Sithumi Feb 26, 2023 02:09 PM GMT
Sithumi

Sithumi

Report

අයියාගේ ත්‍රිරෝද රථයේ බැටරිය ගලවාගෙන යාම සඳහා පැමිණි මල්ලිට, එම ත්‍රිරෝද රථය ආරක්ෂා කිරීමට යොදා තිබු අනවසර විදුලි රැහැනෙන් විදුලි සැර වැදී, පසුව අයියා විසින් යකඩ පොල්ලකින් ද පහර දීමක් සිදුකර ඇති අතර අනතුරුව ඔහු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සොරකමකට පැමිණි පුද්ගලයෙකු අල්ලාගෙන ඇති බවට 119පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් තිබූ බවයි.

සැකකරු මියගොස් ඇති බවටයි එහිදී පුද්ගලයෙකු ගැට ගසා තිබෙන අයුරු දැක ඇති පොලිසිය විසින් එම පුද්ගලයා රෝහල්ගත කිරීමට 1990 ගිලන් රථයක් කැඳවා ඇති අතර එහි පැමිණි හෙද නිලධාරිනිය ප්‍රකාශ කර ඇත්තේ. 

 මරණකරුට විදුලි සැර වැදී ඇති අතර පසුව යකඩ පොල්ලකින්ද පහර දී ඇති බවට සිදුකළ වැඩි දුර විමර්ශනයේදි අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මියගිය පුද්ගලයාගේ අයියා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් 49 සහ 44 යන වයස්වල පසුවන්නන් වන අතර, මිය ගිය පුද්ගලයා 35වන වියේ පසුවන්නෙක්.