"එයාව මුලින්ම දැක්කේ මැච් එකක් බලන්න ඇවිත් ඉද්දි.." ලගදි විවාහ වුණු ක්‍රිකට් තරුවක් ප්‍රථම වරට තම ආදරය ගැන හෙළි කරයි ( PHOTOS)
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන අති දක්ෂ ක්‍රීඩකයෙක් තමයි කසුන් රාජිත කියලා කියන්නේ. ඉතින් පහුගිය දා නිමා වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් වුනු ඔහු එම තරගාවලියේදී කළම්බු ස්ටාර්ස් වෙනුවෙන් ක්‍රීඩා කළ දක්ෂ පන්දු යැවීම නිසාම අවසන් තරගය දක්වා පැමිණීමට කළම්බු ස්ටාර්ස් කණ්ඩායමට පුළුවන් වුණා.
ඉතින් ඒ නිසාම බොහෝ දෙනා කියන්නේ කසුන් රාජිත මේ විදියට වඩාත් සාර්ථක වුණේ විවාහයෙන් පස්සෙ කියලයි. ඉතින් ඒ ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් මේ අලුත විවාහ වුනු ආදරණීය යුවලව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් රාජිතට පොඩි කාලයේ ඉඳලම තිබුණෙම ක්‍රිකට් ගැන උනන්දුව විතරයි කියලයි ඔහු කියන්නේ. ඒ නිසාම මුළු දවසෙම පිට්ටනිවල තමයිලු ඔහු හිටියේ.
කොහොම නමුත් ඔහුගේ පවුලේ ඔහු හැර අයියයි, නංගියි දෙන්නම උපාධිධාරීන් කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහුගේ මව හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරියක්. තාත්තා ග්‍රාම නිලධාරිවරයෙක්. ඉතින් ඒ වගේම රාජිතගේ සහ ආදරණීය බිරිඳ චමත්තිගේ විවාහ මංගල්‍යයත් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම අපේ රටේ අතිශයින් කතා බහට ලක්වුණු විවාහ මංගල්‍යයක් වුණා. ඉතින් ක්‍රිකට් තරගයක් තිබූ අවස්ථාවක තමයි චමත්ති යාළුවෙක් එක්ක එතැනට ඇවිත් තියෙන්නේ. ඉතින් එදා තමයි රාජිතට මුලින්ම චමත්තිව හමුවෙලා තියෙන්නේ.
ඊට පස්සේ ඒ දැන හඳුනා ගැනීම එක්ක දිගටම කතා බහ කරන්න පටන් ගත්තා කියලයි රාජිත කියන්නේ. කොහොම නමුත් ඒ කාලයේ ඔහු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරලා නැහැ. ඒ වගේම චම්ත්ති එක්ක කතාබහ කරද්දි එයා හරිම හොඳ කෙනෙක් කියලා රාජිතට තේරුණාලු. ඉතින් ඇය හරිම අවංක කෙනෙක් කියලත් රාජිත කියනවා. ඉතින් ඒ වගේම රාජිතව දැක්කමත් අනිත් අයට වඩා ලොකු වෙනසක් තේරුණා කියලයි ඔහුගේ ආදරණීය බිරිඳ චම්ත්ති කියන්නේ. ඒ වගේම අනෙක් අය එක්ක බලද්දී රාජිත හරිම පාඩුවෙ ඉන්න වැඩිය කතා නැති, කෙනෙක් විදියට තමයි ඇය දැක්කෙ.
ඒ වගේම ඔහුත් එක්ක යාළු වුණාට පස්සෙ තමයිලු ඇය රාජිත වේග පන්දු යවන්නෙක් කියලා දැන ගත්තෙත්. මොකද ඇය ක්‍රිකට් ක්‍රීඩාව ගැන අහලා තිබුණට ක්‍රිකට් ගැන උනන්දුවෙන් බලපු කෙනෙක් නෙවෙයි නිසා. ඒ වගේම රාජිත මුලින්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළේ 2016දී. ඉතින් එදා තරග තුනක් විතර ක්‍රීඩා කරලා මෑන් ඔෆ් ද මැච් වුණාම ලොකු සතුටක් ඇති වුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම රාජිත කියන්නෙ ඔහු ගැන හිතනවාට වඩා අනෙක් අය ගැන හිතන කෙනෙක් කියලත් චම්ත්ති කියනවා.
ඉතින් ඔවුන් ආදරය කරන්න පටන් අරන් දැන් අවුරුදු හතක් වෙනවාලු. ඒ වගේම රාජිත කියන විදිහට චමත්ති ඔහුගේ ජීවිතයට ලැබුණු හොඳම වස්තුවක් කියලයි ඔහු කියන්නේ. ඉතින් ඇය ක්‍රීඩකයකුට තිබිය යුතු මානසික නිදහස අපූරුවට ලබාදෙන බිරිඳක් නිසා ජීවිතය පුරාවටම ඇයට ආදරය කරනවා කියලයි රාජිත අවසාන වශයෙන් පවසලා තිබුනේ.





