ගවයින් සොරාගන්නා අපරාද කල්ලි නායකයකුට සිදුවූ දේ..

By Sithumi Jul 09, 2023 04:58 PM GMT
Sithumi

Sithumi

Report

ගවයින් සොරාගැනීමේ සංවිධානාත්මක කල්ලියක තිදෙනෙක් අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධ කරුවකු වන කොස්ගොඩ තාරකගේ සමීපතමයකු බවට හඳුන්වා දෙමින් යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළෙකු මෙහෙය වූ ගවයින් සොරාගැනීමේ කල්ලියක සාමාජිකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසනවා.

සැකකරුවන් අතර දේවාලයක් පවත්වාගෙන යන කපුවෙකු ද සිටින බව පවසන පොලිසිය සැකකරුවන් ගව සොරකමට යොදාගත් මොටර් රථයක් ,ත්‍රීරෝද රථයක් ,කඩුවක් ,අංක තහඩු කිහිපයක් , ගවයින් ඇල්ලීමට යොදාගත් සුදු යකඩෙන් තනන ලද උපකරණයක් සමග කබයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකාර කපුවා මෝටර් රථයක් සමඟ හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී එහි කාපට් එක යට සඟවා තිබී කඩුව සොයා ගැනීමෙන් අනතුරුව සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී තොවිල් කටයුතු වලට යන මුවාවෙන් අනෙකුත් සැකකරුවන් සමග රාත්‍රී කාලයේ දී විවිධ ප්‍රදේශවල සැරිසරමින් අවස්ථා 21 දී ගවයින් හතළිහකට ආසන්න ප්‍රමාණයක් සොරාගත් බවට අනාවරණය කළ බව පොලිසිය පවසනවා.

සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ගව ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු වැලිපැන්න සහ බදුරලිය ප්‍රදේශ වල දී ත්‍රීරෝද රථයක් ව්‍යාජ අංක තහඩු සහ ගවයින් ඇල්ලීමට යොදා ගන්නා විශේෂිත වූ තොණ්ඩුවක් තැනු කඹයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා මෙම සංවිධානාත්මක කල්ලි මෙහෙයවන මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ විශේෂ බලකායේ හිටපු සෙබළා සොරා ගන්නා ලද ගවයින් ප්‍රවාහනය සඳහා යොදාගත් ලොරිය සමග ප්‍රදේශය හැර පලා ගොස් ඇතැයි පොලිසිය පවසනවා. ඉංගිරිය මොරගහහේන කිරිඇල්ල හොරණ කඩවත පානදුර කළුතර උතුර හා වාද්දුව පොලිස් වසම් වල මෙම ගව සොරකම් සිදුකර ඇති බව දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් සොරාගත් සියලුම ගවයින් අලුත්ගම දර්ගා නගරයේ ව්‍යාපාරිකයෙකු විකුණු බවට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.