කුරුණෑගල රෝහලේ අද පැය 24ක වැඩ වර්ජනයක්

Report

අද (13) දිනයේ පැය 24 සංකේත වැඩවර්ජනයක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

මෙම වැඩවර්ජනයට හේතුව ලෙස සභාපති අජිත් තිලකරත්න මහතා පැවසුවේ , අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව මෙම වැඩවර්ජනය සිදු කරන බවටයි.

එයට අනුව අද උදෑසන 8 සිට මෙම සංකේත වර්ජනය ආරම්භ වනු ඇත.

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

සුදුසුකම් සහිත ඖෂධවේදීන් තම සේවය සපයමින් සිටින අතරතුර සේවා අවශ්‍යතාවය නොමැති ඖෂධ සංයෝජකවරයෙක් මෙලෙස අනුයුක්ත කර ඇති අතර, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාව අවස්ථා දෙකකදී දැනුම් දී ඇතැයිද අජිත් තිලකරත්න මහතා පවසයි.

කෙතරම් දැනුම් දුන්නද බලධාරීන් එම දැනුම්දීම නොසලකා හැර තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද ඔහු වැඩිදුරටත් පවසයි.